free web stats

දරුවන්ට ඇදුම ඇතුළු ශ්වසන රෝග තියෙනවා නම් කළ යුතු දේ

දරුවන් ඇදුම ඇතුළු ශ්වසන රෝගවලින් පෙළෙන්නේ නම් ළමා රෝහලට හෝ ළඟම ඇති රජයේ රෝහලකට රැගෙන යන ලෙස ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා දෙමාපියන්ගෙන් ඊයේ (22) ඉල්ලීමක් කළා.

එම රෝග සමනයට වෛද්‍ය නිර්දේශය මත ලබාදෙන ඉන්හේලර් භාවිතය ඉතා වැදගත් බවද ඔහු කියා සිට්යා.

ශ්වසන රෝග පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ගැන මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී ඔහු මේ බව සදහන් කළා.

ශ්‍රී ලංකා පෙණහලු රෝග විශේෂඥ වෛද්‍ය සංගමය විසින් 15 වැනි වතාවටත් සංවිධානය කරනු ලබන ශ්වසන රෝග පිළිබඳ ජාත්‍යන්තර ශාස්ත්‍රීය සමුළුවක් පෙබරවාරි 08 වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී තවදුරටත් කතා කළ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා මෙසේ පැවසූවා.

“ඇදුම ඇතුළු ශ්වසන රෝගාබාධවලට දරුවන් නිතර නිතර ගොදුරු වෙන්න පුළුවන්. මේක නිධන්ගත රෝග තත්ත්වයක්. ජානමය බලපෑමක් ඇති දරුවන්ට ඇදුම උත්සන්න වෙන්න පුළුවන්. ඒ නිසා දරුවන් වැඩිපුර සෙනඟ ගැවසෙන තැන්වලට රැගෙන යන්න එපා.

කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය “ලංකාවේ තුන්දෙනකුගෙන් එක්කෙනෙක් ඇදුම රෝගයෙන් පෙනෙවා. මේ නිසා ඇදුම ඇතුළු ශ්වසන රෝගවලින් පෙළෙන අය වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වැදගත්. ඒ වගේම ඔබ සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙනවා නම් ගෙදර ඉන්න ගැබිනි මවකට, දරුවකුට හෝ වයෝවෘද්ධ කෙනකුට වැලඳෙන්න පුළුවන්. ඒ නිසා සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන කෙනා මාස්ක් එකක් පැලඳීම ඉතා වැදගත්. පාර පුරා සෙම දාන්න එපා. ටිෂූ එකක් අරගෙන යන්න.”

වැලිසර ළය රෝහලේ උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා

වැලිසර ළය රෝහලේ වසරකට ශල්‍යකර්ම 4000ක් සිදුකරනවා. පෙණහලු පිළිකා සැත්කම් සඳහා අපේ රෝහලේ පහසුකම් තියෙනවා. මදුරු කොයිල්, හඳුන්කූරු දුම් ආඝ්‍රාණය වීම ශරීර සෞඛ්‍යයට අහිතකරයි. මේවා දීර්ඝකාලීනව දල්වනකොට ඒ දුම ආඝ්‍රාණය වෙනවා. මේ තුළින් මිනිසාගේ ශ්වසන පද්ධතියට බලපෑමක් එල්ල කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *