ගාල්ල හිනිදුම ත්‍රිත්ව ඝාතනයක් – Photos
ගාල්ල හිනිදුම පනංගල ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 වර්ගයේ ගිනිඅවියකින් ඊයේ (30) රාත්‍රී 11:15ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
වෙඩිවැදුණු පුද්ගලයන් එම ස්ථානයේදීම මියගොස් ඇති බවද පොලිසිය පවසනවා.
වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ මෙම පුද්ගලයින් තිදෙනා මත්පැන් පානය කරමින් සිට ඇති බව සඳහන් වෙනවා.
මියගිය අය අතර 29 සහ 54 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකු සිටින අතර අනිත් පුද්ගලයාගේ වයස තහවුරු කරගෙන නොමැත.
සැකකරුවන් සොයා හිනිදුම පොලිසිය විමර්ශන අරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසනවා .


