free web stats

පරාජයට හේතු කියන ප්‍රධාන පුහුණුකරු සනත්

පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය නිසා ශ්‍රී ලංකා පිලට ගාල්ලේදී දරුණු පරාජයක් වැළඳගන්න සිදු වූ බව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (01) තරගයෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

“මේ විකට් එක එහෙම ආමාරු විකට් එකක් නෙමයි. මේ අය Under pressure ගන්න දැන ගන්න ඕනේ. කන්ෆිඩන්ට් තියෙන වෙලාවට ගහන්න දැන ගන්න ඕනේ. ටෙස්ට් ක්‍රිකට් එක කියන්නේ යුනික් ගේම් එකක්. මේකේ එක එක සිටුවේෂන් එනවා. ඒ සිටුවේෂන් පාලනය කර ගන්න ඕනේ. පන්දුවට පහරදීමෙන් වර්ධන වෙන්න ඕනේ. අපේ හොඳ බැටින් ලයින් අප් එකක්නේ තියෙන්නේ. ඒ නිසා අපි පිළිගන්න ඕනේ හොඳින් පන්දුවට පහරදීලා නෑ කියලා. ඒ නිසා පන්දුවට පහර දෙන්නන් දැන ගන්න ඕනේ. කොහොමද ලොකු ශතකවලට පරිවර්තනය කරගන්නේ කියලා. අමාරු විකට් එකකනම් මට ඇවිල්ල මේ සාකච්ඡාවෙදි කියන්න තිබුණා මේක අමාරු විකට් එකක් පන්දු යවන්නන් හොඳට පන්දු යනවා හැබැයි මේ විකට් එක එහෙම භායානක නෑ. මම හිතනවා ඊළඟ ටෙස් තරයේ හොඳ තරගයක් දෙයි කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *