free web stats

කාන්තාවක් ගිනිඅවි සමග අත්අඩංගුවට

නිවසක් තුළ තිබී රිවෝල්වර අවි 02ක්, පතරොම් හා කඩු 02ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකාරියක් ඊයේ (22) රාත්‍රී කාලයේදී හබරාදූව පොලිස් වසමේ වැල්ලෙගෙවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය වැල්ලෙගෙවත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි.

සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර අවියක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වර් අවියක්, පිස්තෝල පතරොම් 02ක් හා කඩු 02 ක් පොලිස් භාරයට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *