free web stats

කාරක සභාවල විපක්ෂයේ නියෝජනය වැඩි වෙයිද

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා කාරක සභාවල නියෝජනය වැඩිකිරීම සම්බන්ධව විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ඉල්ලා සිටින ලද කරුණු සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් ඊයේ (22) පැවති බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති මෙම රැස්වීමට ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය ද එක්ව සිටියා.

මන්ත්‍රීවරුන්ගේ මෙම ඉල්ලීම පිළිබඳව පසුගිය 19 වන දින කථානායකතුමා විසින් සභාවට නිවේදනය කරන ලද තීරණය සම්බන්ධයෙන් ස්තූතිය පළ කරමින් මෙම කරුණු පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය සභානාවරයා විසින් කථානායකවරයා වෙත ලිඛිතව දන්වා තිබූ අතර එම ලිපිය මෙහිදී සභාවට කියවා තිබේ.

අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් කාරක සභාවල විපක්ෂයේ සංයුතිය තවදුරටත් වැඩිකිරීම සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම් පිළිබඳව සාධනීය ලෙස සලකා බලා ඒ සම්බන්ධයෙන් වූ රජයේ තීරණය ඉතා කඩිනමින් ලබා දෙන බව ද සභානායකවරයා මෙම රැස්වීමේදී වැඩිදුරටත් පවසා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *