free web stats

රටටම ආපදා තත්ත්වයක් ඉදිරි දින කිහිපය අවදානම්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති හෙයින් ඉදිරි දින කිහිපයේදීත් පවතින තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (27) පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ, මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

උතුරු, උතුරු- මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 200ට වැඩි ඉතා තද වැසි සහ සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසිවීමේ හැකියාවක් තිබේ.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පැ.කි.මී. 60-70 දක්වා වන ඉතා තද සුළං සමග විටින් විට පැ.කි.මී. 80 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක.

තද වැසි සහ තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව ජනතාවගෙන් ඉල්ලා සිට්යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *