free web stats

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දිය අසලදී පසුගිය පෙබරවාරි 18 වනදා රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් එකම පවුලේ පියා, පුතා සහ දියණිය මිය ගියා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම පිරිසට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් මෙලෙස වෙඩි තබා තිබුණා.

එම වෙඩිතැබීමෙන් යතුරුපැදියේ ගමන්කළ 39 හැවිරිදි අරුණ විදානගමගේ නොහොත් “කජ්ජා” නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබුණා.

ඔහු අපරාධ කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු බව පැවසෙනවා.

මෙම වෙඩි තැබීමෙන්, 6 හැවිරිදි කුඩා දියණිය සහ 09 හැවිරිදි පුත්‍රයා ද බරපතළ තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියා.

පොලීසිය පැවසුවේ T56 වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

මෙම අපරාධයට අදාළව අද අත්අඩංගුවටගත් සැකකරු සමඟ මේ දක්වා සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට වැඩිදුර විමර්ශන සිදු කරනවා.

අත්අඩංගුවටගත් සැකකරුවන් අතර පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් සහ යුද හමුදාවෙන් පලාගොස් පසුව නීත්‍යානුකූලව ඉන් ඉවත් වී සිටි හිටපු යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු ද සිට්යි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *