free web stats

ජීවිත තුනක් බිලිගත් මාදම්පේ අනතුර

තලවිල සිට මීගමුව දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ත්‍රිරෝද රථයක් මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී බස් රථයක හා ලොරි රථයක ගැටීමෙන් ඊයේ (09) රාත්‍රියේ සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් කල මව, දියණිය සහ තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීගමුවේ පදිංචිකරුවන් පිරිසක් වන අතර ඔවුන් තලවිල සාන්තා ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වී ත්‍රී රෝද රථයකින් ආපසු මීගමුව බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ තීරෝද රථය තුළ ළමුන් ඇතුළු නව දෙනකු ගමන් කර ඇතිබව වැඩිදුරටත් වාර්තා වෙයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 32,36 හැවිරිදි හා වයස අවුරුදු එකක් වන මිනුවන්ගොඩ හා රාගම ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලීසිය පැවසුවා.

අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු ඇතුළු තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, කුඩා පිරිමි දරුවන් 02කු සහ ගැහුණු දරුවන් දෙදෙනෙකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *