free web stats

නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක්

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (18) පැවති සාකච්ඡාවේදීයි.

‍නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුව සතු වගකීමක් බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව තුළ නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු නොකර යහපත් සමාජයක් බිහි කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩ්දුරටත් ප්‍රකාශ කළා.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසූරිය යන මහත්වරුද බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *