free web stats

පොලීසියට ආව යෝෂිත රාජපක්ෂ

යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අද (25) උදෑසන කොම්පඤ්ඤ වීදිය පොලීසියට පැමිණ තිබෙනවා.

ඒ පසුගිය දා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

එම ගැටුමට අදාළව සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් හඳුනාගෙන ඇති අතර, අදාළ මත ගැටුම හේතුවෙන් එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමට ලක්ව තිබුණා.

තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට්යි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දෙහිවල, අත්තිඩිය, තිඹිරිගස්යාය ප්‍රදේශයන්හි පදිංචිකරුවන් පොලීසිය විසින් හඳුනාගෙන ඇත.

එමෙන්ම මෙම සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයිද පොලීසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *