සන්රයිසස් අයි.පී.එල් වාර්තා පොත අලුත් කරයි
ඉෂාන් කිෂන්ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් 2025 අයි.පී.එල්. තරගාවලියේ දෙවැනි තරගය ලෙස පැවැති රාජස්ථාන් රෝයල් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 44ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් කණ්ඩායම සමත්විය.
පෙරේදා (23 දා) රජිව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 286ක් ලබාගත්තේ අයි. පී. එල්. තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියමිනි. මෙහිදී පසුගිය වසරේදී ලකුණු 287ක් ලබාගත් සන්රයිසස් කණ්ඩායමම මෙම වාර්තාවටද හිමිකම් කීම කැපී පෙණෙන සිදුවීමක් විය.
සන්රයිසස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ට්‍රැවීස් හෙඩ් ලකුණු 67ක් රැස්කර ගනිද්දී මෙවර අයි.පී.එල්. තරගාවලියේ පළමු ශතකය වාර්තා කළ ඉෂාන් ක්‍රිෂාන් පන්දු 47කට මුහුණ දෙමින් හයේ පහර 6ක් සහ හතරේ පහර 11ක් සමගින් නොදැවී ලකුණු 106ක් රැස්කර ගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී තුෂාර්දේශ් පාණ්ඩේ කඩුලු 3ක් සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් දවාලීය.
පන්දු යවන්නන්ට නීරස දුන් මෙම තරගයේදී ජොෆ්ර ආචර්ගේ පන්දු වාර 4 තුළදී ලකුණු 76ක් සන්රයිසස් ක්‍රීඩකයන් ලබාගෙන තිබූ අතර, එය අයි.පී.එල්. තරග ඉතිහාසයේ පන්දු යවන්නකු ලබාදුන් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසට ඉතිහාසයට එක්විය.
කෙසේ වුවද පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල් කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ ලබාගැනීමට හැකියාව ලැබුණේ කඩුලු 6ක් දැවී ලකුණු 242ක් පමණි.
රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ඩ්‍රේව් ජෙරුල් ලකුණු 70ක්, සංජු සැම්සන් ලකුණු 66ක් සහ ෂිම්රන් හිට්මයර් ලකුණු 44ක් ලැබීය.
පන්දු යැවීමේදී හර්ෂාල් පටෙල් ලකුණු 34කට කඩුලු 2ක් සහ සමර්ජිත් සිං ලකුණු 42කට කඩුලු 2ක් දවාලීය.
තරගයේ වීරයාට හිමි සම්මානය ඉෂාන් කිෂන්ට හිමිවිය.

