free web stats

ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ගෙන් ඉල්ලීමක්

කඩිනමින් පලි ගැනීමට නොසිතන ලෙසත් හොඳට අසුන් ගෙන ගැඹුරු හුස්මක් ඉහළට ගන්නා ලෙස ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කර තිබෙන නව තීරු බදු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු ජනතවගෙන් හා වෙළෙඳ හවුල්කාර රටවලින් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

ඇමෙරිකාවේ සී එන් එන් රූපවාහිනි සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අදහස් දක්වා ඇති ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් බෙසන්ට් පවසා ඇත්තේ ජනාධිපති ට්‍රම්ප්ගේ නව තීරු බදු වැඩසටහනට ප්‍රතිචාර වශයෙන් කිසිදු දෙයක් හදිසියේ සිදු කිරීම නුවණට හුරු නැති බවයි. ‘අප බලා සිටිමු මෙම නව තීරු බදුවලින් වන්නේ කුමක්ද කියා’ මේ සම්බන්ධයෙන් කිසියම් රටක් ඇමෙරිකාවෙන් පලිගැනීමට උත්සාහ දැරුවහොත් එය තමයි අපට තවත් බදු වැඩි කිරීම සඳහා බලපාන්නේ’ යැයි ඔහු සඳහන් කර තිබේ. වෙළෙඳ යුද්ධයක් යනු එක් එක් රට මත රඳා පවතින්නක් බවත් වෙළෙඳ ඉතිහාසය දෙස බැලුවහොත් ඇමෙරිකාව වැනි වෙළෙඳ හිඟයක් පවතින රටවලට වාසිදායක තත්ත්වයක් පවතින බව ඔහු අවධාරණය කර තිබේ. සෙසු රටවල් වෙළෙඳ අතිරිකත්යක් පවතින රටවල් බැවින් සම්ප්‍රදායිකව වෙළෙඳ යුද්ධයේ උත්සන්න වීමක් ඇති වූ අවස්ථාවලදී එම රටවලට සෑමවිටම පාඩු සිදු විය හැකි බවද ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා පවසා තිබේ. මේ අතර ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති ලොව පුරා රටවලින් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා තීරු බදු අය කිරීමේ ක්‍රමය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඇමෙරිකානු කොටස්වල අගයද ඇද වැටීමට ලක්ව ඇති බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *