free web stats

සහන මල්ලට තහන්චි

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගෙන තිබු තීරණය මැතිවරණ කොමිශන් සභාව තාවකාලිකව අත්හිටුවා තිබෙනවා .

එම කාලීන ආහාර පැකේජය පළාත් පාලන ජන්ද විමසීමෙන් පසුව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට සහ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිත හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දීමට මැතිවරණ කොමිශන් සභාව කටයුතු කර තිබේ .

මෙම ආහාර පැකේජ ලබා දීමට සැලසුම් කර තිබුණේ , අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් අටලක්ෂ 12,753ක් අතරින් යෝග්‍ය ප්‍රතිලාභීන්ටයි.

මෙවර අයවැය යෝජනාවකට අනුව
රුපියල් 5,000ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රුපියල් 2,500ක සහන මිලකට ලබදීමට රජය සැලසුම් කර තිබුණා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *