free web stats

රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලබන සතිය තුළ මැතිවරණ කොමිෂමට

නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ සංස්ථාවල සභාපතිවරුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නියමිත බවයි.

අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා අදාළ රාජ්‍ය නිලධාරීන් ලබන සතිය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බව එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *