පුංචි ඡන්දයට අදාළව ලැබුණු පැමිණිලි ගණන මෙන්න
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 168ක් ලැබී ඇති බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අපරාධමය පැමිණිලි 36ක් සහ මැතිවරණ නීති උල්ලාංඝණය කිරීම සම්බන්ධ පැමිණිලි 132ක් ඒ අතර වන බවයි.
අදාළ පැමිණිලි සම්බන්ධයෙන් පුද්ගලයින් 79 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් 18 දෙනෙකු ද වන බව පොලීසිය සඳහන් කළේය.
වාහන 14ක් ද මේ වන විට පොලීසිය භාරයට ගෙන තිබේ.