පාසල් අදින් ඇරඹේ
රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව පළමු වාරය මැයි මස 9 වන දින අවසන් වීමට නියමිතයි.
2025 දෙවන පාසල් වාරයේ පළමු අදියර යළි මැයි 14 වන සඳුදා ආරම්භ වන අතර එය අගොස්තු 07 වන දක්වා පැවැත්වේ.
තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 8 වන දින ආරම්භ වන අතර එය ඔක්තෝබර් 17 වන දා දක්වා පැවැත්වේ.
තෙවන වාරයේ දෙවන අදියර නොවැම්බර් 17 වන දා සිට දෙසැම්බර් මස 19 වන දා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.