free web stats

පාසල් බස් රථයක් අනතුරකට ලක්වෙයි

මහියංගනය තිස්සපුර PTS මංසන්ධියේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අනතුරට ලක්වීමෙන් 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද (25) උදෑසන මෙම අනතුර සිදුවී ඇති බව මහියංගනය පොලීසිය සඳහන් කළා.

අනතුරෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බස් රථයේ තිරිංග අක්‍රිය වීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *