නිල්වලා ගඟ මැද ඉදිකර ඇති අනවසර හෝටලයට වෙන්න යන දේ
නිල්වලා ගඟ මැද ඉදිකර ඇති මහල් දෙකක හෝටලය දින 14ක් ඇතුළත ඉවත් කරගන්න නැත්නම් අපි ඉවත් කරනවා.
ප්‍රදේශිය වාරිමාර්ග ඉංජිනේරු මාතර සමූපකාර සභාපතිට නියෝග කර තිබෙනවා.
නිල්වලා ගඟ මත දීර්ග කාලයක් තිස්සේ පවත්වාගෙන යන අනවසර අවන්හල දින14ක් ඇතුලත වහාම ඉවත් කරගන්නා ලෙස ඊයේ 16 දින මාතර ප්‍රදේශිය වාරිමාර්ග ඉංජිනේරු ඩී.එම්.යූ ධර්මපාල මහතා විසින් මාතර සමූපකාර රෝහලේ සභාපති වරයාට නියෝග කර ඇත.
වාරිමාර්ග ආක්ඥා පනතේ 65(1), 65(2) හා 66 වගන්ති ප්‍රකාරව අනවසර ඉදිකිරීමක් හෝ අල්ලා ගැනීමක් හෝ වාරිමාර්ග රක්ෂිතයට කරන හානියක් වැළැක්වීම යන වගන්තිය යටතේ මෙසේ නියෝග කර තිබේ.
එම නියෝගයේ තවදුරටත් දන්වන්නේ 2021.08.11 දින DIE/MATA/DO/Resvevetion -1004/2021ලිපි ශීර්ෂය යටතේ මෙම අනවසර ඉදිකිරීම අයින්කර ගන්නා ලෙස දැනුම් දී තිබුණත් එහෙත් වසර හතරකට අධික කාලයක් තිස්සේ අනවසරයෙන් පවත්වාගෙන යන බවයි.
රජය යටතේ පාලනය කරනු ලබන ස්වභාවික ගංගාවකට අනවසරයෙන් ඇතුල්වී මෙවැනි අනවසර ඉදිකිරීමක් සිදුකිරීම බරපතල වරදක් බවද දන්නවා ඇති අතර දින 14ක් ඇතුළත මෙම ඉදිකිරීම ඉවත්කර නොගතහොත් 65(2) වගන්තියෙන් ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවන්ට ඇති බලතල ප්‍රකාරව මෙම ඉදිකිරීම ඉවත් කිරීමට කටයුතු කරන අතර ඒ සඳහා වැයවන රජයේ මුදල් වාරිමාර්ග ආඥා පනතේ 66 වන වගන්තිය ප්‍රකාරව අය කර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවද වැඩිදුරටත් දන්වා තිබේ.