free web stats

බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

වෙඩිතැබීමෙන් පසු සැකකරුවන් පලාගොස් තිබෙන අතර වෙඩිවැදීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවද පොලීසිය පැවසුවා.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *