අද බැංකු පොතට එන අස්වැසුම දීමනාව
අස්වැසුම පළමු අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ මේ මසයේ දීමනාව අද (24) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම වෙත බැර කිරීමට නියම්තයි.
ඒ අනුව රුපියල් 11,296,461,250.00 (එකළොස් බිලියන දෙසිය අනූහය මිලියන හාරසිය හැට එක්දහස් දෙසිය පනහක) මුදලක් ප්‍රතිලාභී පවුල් 1,424,548 (දාහතර ලක්ෂ විසිහතරදහස් පන්සියහතළිස් අටක්) අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතවේ.
අදාළ ප්‍රතිලාභීන්ට අද (24) සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල තම අස්වැසුම් ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැක.
එමෙන්ම අස්වැසුම අභියාචනා සහ විරෝධතා භාර ගැනීමේ කාලසීමාව මෙම මස 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ දෙවැනි අදියරට අදාළ අභියාචනා සහ විරෝධතා භාර ගැනීමේ කාලසීමාව මෙම මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට සුබසාධක ප්රතිලාභ මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව මෙතෙක් අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ට සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ www.wbb.gov.lk වෙබ් පිටුවට පිවිස අදාළ අයදුම්පත් බාගත කර සම්පූර්ණ කිරීමෙන් අනතුරුව තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙනවිත් භාරදිය හැක.