free web stats

ජනපති අද මාලදිවයිනට

ශ්‍රී ලංකා-මාල­දි­ව­යින් සහ­යෝ­ගී­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් දෙදින රාජ්‍ය සංචා­ර­යක් සඳහා ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා අද (28) මාල­දි­ව­යින බලා පිටත්ව යයි.

එරට ජනා­ධි­පති මොහො­මද් මුයි­සුගේ ආරා­ධ­න­යක් මත මාල­දි­ව­යිනේ සංචා­ර­යක නිරත වන ජනා­ධි­ප­ති­ව­රයා එළ­ඹෙන 30දා දක්වා එරට රැඳී සිටින බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සනවා.

මෙම සංචා­රය අත­ර­තුර දෙරටේ ජනා­ධි­ප­ති­ව­රුන් ද්විපා­ර්ශ්වික සාකච්ඡා පැවැ­ත්වී­මට නිය­මිත අතර අන්‍යෝන්‍ය සහ­යෝ­ගී­තාව වර්ධ­නය කිරීම සඳහා ගිවි­සුම් කිහි­ප­යක් හුව­මාරු කර ගැනී­මට නිය­මිත බව ද විදේශ අමා­ත්‍යාං­ශය පවසයි.

ඊට අම­ත­රව ජනා­ධි­ප­ති­වරයා මෙම සංචා­රය අත­ර­තුර මාල­දි­ව­යිනේ ව්‍යාපා­රික සංස­දය ඇම­තී­මට සහ ශ්‍රී ලාංකික විදේ­ශ­ගත ප්‍රජාව හමු­වී­මට ද නිය­මි­තයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *