free web stats

උසස් පෙළ ව්භාගය නොපැවැත්වීමට තීරණයක්

අද (27) සහ හෙට (28) අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය තීරණය කර තිබෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇතිවී තිබෙන ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

විභාගය ඉදිරියේ දී පැවැත්වෙන දිනයන් පිළිබඳව විභාග අපේක්ෂකයින් වෙත දැනුම්දීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *