free web stats

ශ්‍රී ලංකා ඔස්ට්‍රේ­ලියා ගැටුම අද කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණයේදී

කාන්තා ලෝක කුස­ලාන එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශ්‍රී ලංකා කණ්ඩා­යම සහ­භාගි වන දෙවැනි තර­ගය අද (4) ඔස්ට්‍රේ­ලි­යා­වට එරෙ­හිව පැවැත්වේ.

කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණයේ පැවැ­ත්වෙන මේ තර­ගය පස්වරු 3.00ට ආරම්භ වීමට නිය­මි­තයි.

මේ තර­ගා­ව­ලියේ ක්‍රීඩා කළ පළමු තර­ග­යේදී නව­සී­ල­න්තය පරා­ජය කර­මින් ජය­ග්‍රාහී ආර­ම්භ­යක් සමඟ ඔස්ට්‍රේ­ලි­යාව මේ තර­ග­යට එක්වන අතර, ශ්‍රී ලංකා පිල පළමු තර­ග­යේදී ඉන්දි­යාව හමුවේ පරා­ජයට ලක් විය.

මේ තර­ගය ක්‍රීඩාං­ග­ණ­යේදී නොමිලේ නැර­ඹීමේ අව­ස්ථාව ප්‍රේක්ෂ­ක­යන්ට උදාකර දී තිබෙනවා.

ශ්‍රී ලංකා පිල ඔස්ට්‍රේ­ලි­යා­වට එරෙ­හිව එක්දින තරග බිමට පිවි­සෙන්නේ වසර 6කට පසුව වීම විශේ­ෂ­ත්ව­යකි.

නමුත් අප විපරම නිව්ස් වාර්තාකරු පැවසූවේ මේ වන ව්ට කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණයට වර්ශාව පතිතවන බවයි.

කෙසේ නමුත් තවම නිල වශයෙන් තරග ආරම්භය ප්‍රමාද කෙරෙනවාද යන්න පිලිබදව දැනුම් දීමක් සිදුකොට නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *