ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ගැටුම අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවැනි තරගය අද (4) ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වේ.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගය පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.
මේ තරගාවලියේ ක්‍රීඩා කළ පළමු තරගයේදී නවසීලන්තය පරාජය කරමින් ජයග්‍රාහී ආරම්භයක් සමඟ ඔස්ට්‍රේලියාව මේ තරගයට එක්වන අතර, ශ්‍රී ලංකා පිල පළමු තරගයේදී ඉන්දියාව හමුවේ පරාජයට ලක් විය.
මේ තරගය ක්‍රීඩාංගණයේදී නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට උදාකර දී තිබෙනවා.
ශ්‍රී ලංකා පිල ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරග බිමට පිවිසෙන්නේ වසර 6කට පසුව වීම විශේෂත්වයකි.
නමුත් අප විපරම නිව්ස් වාර්තාකරු පැවසූවේ මේ වන ව්ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට වර්ශාව පතිතවන බවයි.
කෙසේ නමුත් තවම නිල වශයෙන් තරග ආරම්භය ප්‍රමාද කෙරෙනවාද යන්න පිලිබදව දැනුම් දීමක් සිදුකොට නැහැ.

