නාරම්මල – කුරුණෑගල මාර්ගයේ මාරක අනතුරක්
නාරම්මල – කුරුණෑගල මාර්ගයේ නාරම්මල නගරය ආසන්නයේදී ලොරි රථයක් ලංගම බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (05) අලුයම මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා.
කුරුණෑගල දෙස සිට නාරම්මල දෙසට ධාවනය වූ ලොරි රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් කටුනායක සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබුණා.
අනතුරින් ලොරි රථයේ ගමන් කළ රියදුරු, පිරිමි පුද්ගලයෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු තුවාල ලබා නාරම්මල හා කුරුණෑගල රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ලොරි රථයේ රියදුරු එහි ගමන් කළ පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
එලෙස මියගොස් ඇත්තේ, පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 41, 80 හා 82 වයස් වල පසුවන පුද්ගලයින්වේ.
එම ලොරි රථයේම ගමන් කල වයස අවුරුදු 40 ක කාන්තාවක්, වයස අවුරුදු 16 හා වයස අවුරුදු 09 ක දැරියන් දෙදෙනෙකු තව දුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රථිකාර ලබමින් සිට්නවා.
මෘත ශරීර නාරම්මල හා කුරුණෑගල රෝහල්වල මෘත ශරීරාගාරයන්හි තැන්පත් කර තිබේ.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

