ලෝක ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන දෙකම ඔස්ට්‍රේලියාවට
ලෝක ගෘහස්ථ ක්‍රිකට් සංගමය සිලෝන් ගෘහස්ථ ක්‍රිකට් සංගමය හා එක්ව සංවිධානය කරන ලද ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ විවෘත පිරිමි හා කාන්තා ශූරතා දෙකම ඕස්ට්‍රේලියාව විසින් දිනා ගත්තා.
මීට අමතරව අවුරුදු 22 න් පහළ පිරිමි හා කාන්තා ශූරතා ද්විත්වයත් දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.
මෙම අවසන් තරග හතරේම අනු ශූරයන් වූයේ නවසීලන්තයයි.
පසුගිය වසරේද ශූරයන් වූ ඕස්ට්‍රේලියාව ගෘහස්ථ ක්‍රිකට් ක්ෂේත්රයේ ඔවුන්ගේ ආදිපත්‍යය මෙවරත් ප්‍රදර්ශනය කිරීම කැපී පෙණුනා.
දින දහයක් මුළුල්ලේ තලවතුගොඩ පැවැති මෙම තරගාවලියට රටවල් නවයකින් කණ්ඩායම් 34ක් සහභාගි වූ අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ක්‍රීඩක දෙමව්පියන් ඇතුළු විදෙස් නරඹන්නන් පන්සියයක් පමණ සහභාගි ව්ය.
ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ශ්‍රී ලංකාව, ඇමරිකාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීරය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව,සිංගප්පූරුව යන රටවල් මෙයට එක්ව සිටියා.
අවසන් තරග ප්‍රථිපල
විවෘත පිරිමි අවසන් තරගය
ඕස්ට්‍රේලියාව 83
නවසීලන්තය 46
විවෘත කාන්තා අවසන් තරගය
ඕස්ට්‍රේලියාව 117
නවසීලන්තය 75
අවුරුදු 22 න් පහළ පිරිමි අවසන් තරගය
ඕස්ට්‍රේලියාව 125
නවසීලන්තය 114
අවුරුදු 22 න් පහළ කාන්තා අවසන් තරගය
ඕස්ට්‍රේලියාව 100
නවසීලන්තය 69

