free web stats

ට්‍රම්ප් සහ පුටින් හංගේරියාවේ දී හමුවෙන්න සූදානම්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ කළ දුරකථන ඇමතුමකදී “විශාල ප්‍රගතියක්” ඇති වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන අතර, යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා හංගේරියාවේදී මුහුණට මුහුණ හමුව සාකච්ඡා සඳහා එකඟ වූ බව සදහන් වෙනවා.

බ්‍රහස්පතින්දා මෙම දුරකථන සංවාදය සිදුව තිබෙනවා.

අගෝස්තු මැද භාගයෙන් පසු පුටින් සමඟ කළ පළමු ඇමතුම “ඉතා ඵලදායී” බව ට්‍රම්ප් සදහන් කර ඇති අතර මේ සම්බන්ධයෙන් වොෂින්ටන් සහ මොස්කව් කණ්ඩායම් ලබන සතියේ හමුවනු ඇති බව ද පවසා තිබේ.

කෙසේ නමුත් ට්‍රම්ප් සහ පුටින් හමුවීම සඳහා වූ දින වකවානු මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *