free web stats

ගම්පහ බබා දුන් තොරතුරකට අනුව T56 උණ්ඩ 50 ක් සොයාගැනේ

ඉශාරා සෙව්වන්දි සමග අත්අඩංගුවට පත් දැනට පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය භාරයේ සිටින ගම්පහ බබා නැමැත්තා දුන් තොරතුරු අනුව T56 උණ්ඩ 50ක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, මහභාගේ ප්‍රදේශයේ කටුනායක අධිවේගී මාර්ගයේ 18 කණුව ආසන්නයේ වල දමා තිබියදි ඒවා සොයා ගත් බවයි.

එම උණ්ඩ කෙහෙල්බද්දර පද්මේ විසින් ලබා දුන් බව සැකකරු පවසා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය විසින් ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *