free web stats

ගසක් කඩා වැටීමෙන් ගාලූ දුම්රිය ගමනාගමනය නවතී

ගාල්ල, කටුගොඩ ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වු සාගරිකා දුම්රිය මේ හේතුවෙන් නතර කිරීමට සිදුව ඇති බවයි.

මේ අතර පසුගිය 19 වන දින සිට ඇණහිට තිබු උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අද (23) අලුයම සිට යළි ආරම්භ වී තිබෙනවා.

දුම්රිය පාර්තමේන්තුව පවසන්නේ ඒ අනුව මහනුවර සිට පොල්ගහවෙල සහ මහනුවර සිට කොළඹ කොටුව බලා දුම්රිය 2ක් අද උදෑසන ධාවන කටයුතු ආරම්භ වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *