free web stats

මහින්දගේ PSO නෙවිල්ට ඇප

රුපියල් මිලියන 28 ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සැකකරු රුපියල් 50,000/- ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් දැනුම් දුන්නා.

අනතුරුව නඩුව ජනවාරි මස 16 වනදා කැඳවන ලෙස නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *