free web stats

ශ්‍රී ලංකා රේගුවේ ආදායම ට්‍රිලියන 02 ඉක්මවයි

ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම ඊයේ දින (30) සවස වනවිට රුපියල් ට්‍රිලියන දෙකේ කඩඉම ඉක්මවා ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනය කරමින් රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසා සිටියේ, ඒ අනුව 2025 වසර සඳහා ලැබී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 2.115 වෙත ශ්‍රී ලංකා රේගුව සාර්ථකව ළඟා වෙමින් සිටින බවයි.

රජයේ බදු ආදායම් එකතු කරන දෙපාර්තමේන්තුව වසරක දී එකතු කරන ලද වැඩිම ආදායම සනිටුහන් කරමින් රේගුව මෙම වාර්ථාගත ආදායම ලබා තිබීම සුවිශේෂීත්වයක් .

මෙලෙස ලැබූ ආදායම්වලින් රුපියල් බිලියන 630ක්ම අන්තර්ගතව ඇත්තේ මෝටර් රථ වලින් වේ.

ඒ අනුව වසර අවසන් වනවිට ආදායම් ඉලක්කයට වඩා රුපියල් බිලියන 300ක් පමණ අතිරේකව එක්රැස් කරගැනීමට හැකිවනු ඇතැයි රේගුව විශ්වාසය පල කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *