free web stats

ආරක්ෂක අංශ ව්සින් දිවයින පුරා විශේෂ මෙහෙයුම්

පොලීසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ දිනයේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසූවා.

එම මෙහෙයුමේදී පුද්ගලයින් 32,201 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

එහිදි විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 736 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 271 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව බීමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 48 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *