free web stats

රාජ්‍ය ව්‍යාපාරවලින් බිලියන 227ක ලාභයක්

රජ­යට අයත් ව්‍යාපා­ර­ව­ලින් භාණ්ඩා­ගා­ර­යට රුපි­යල් බිලි­යන 227ක ලාභ­යක් මෙම වසරේ මුල් භාගය තුළ ලැබී ඇති බව කර්මාන්ත හා ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතු­රංග අබේ­සිංහ මහතා පැව­සූවා.

දූෂිත සහ අදක්ෂ පුද්ග­ල­යන් විසින් අකා­ර්ය­ක්ෂම කරන ලද පාඩු ලබන ව්‍යාපාර කිහි­ප­යක් ඇති බවත් මෙම ව්‍යාපාර ලාභ­දායී කිරීම සඳහා ප්‍රති­ව්‍යු­හ­ගත කිරීමේ ක්‍රියා­ව­ලි­යක් ආර­ම්භ­ කර ඇති බවත් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා පැවසූවා.

රාජ්‍ය ආය­ත­න­ව­ලින් භාණ්ඩා­ගා­ර­යට ලැබෙන ආදා­යම ඉදිරි වස­ර­ව­ලදී තව­දු­ර­ටත් ශක්ති­මත් කළ හැකි බව ද ඔහු සඳ­හන් කළා.

“ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යව­සා­ය­කත්ව අක­ර්මණ්‍ය කළ සාහ­සික ක්‍රියා­දා­මය 2024 සැප්තැ­ම්බර් 21න් අව­සන් වුණා. ලෝකේ සෑම රට­කම රාජ්‍ය ව්‍යව­සා­ය­කත්ව ඒ ඒ රට­වල සංව­ර්ධ­න­යට දැවැන්ත කාර්ය­භා­ර­යක් අද­ටත් කර­නවා. සම­හර රට­වල් සිය සංව­ර්ධන අර­මුණු ඉටු­ක­ර­ගත් පසු රාජ්‍ය ව්‍යව­සා­ය­ක­ත්ව­යන් අත්හැර කාර්ය­ක්ෂම වෙළෙ­ඳ­පො­ළ­කට භාර දුන්නා.

රාජ්‍ය­යට අයිති නම් එහි අර­මුණ ලාභ උප­රිම කිරීම නොවේ. ආර්ථික හා සමාජ ප්‍රති­ලාභ උප­රිම කිරීම හා අකා­ර්ය­ක්ෂම වෙළෙ­ඳ­පොළ කාර්ය­ක්ෂම කිරී­මයි.

ශ්‍රී ලංකාවේ මේ ආකා­ර­යෙන් ඉතා අව­ධා­න­යෙන් කළ­ම­නා­ක­ර­ණය කරන රාජ්‍ය ව්‍යාපාර 52ක් තියෙ­නවා. මේවා උපා­ය­මා­ර්ගික රාජ්‍ය ව්‍යව­සාය ලෙස හඳු­න්ව­නවා. මෙම රාජ්‍ය ව්‍යාපා­ර­වල වැද­ග­ත්කම බාල්දු කිරී­මට සම­හර විශ්ලේ­ෂ­ක­යන් කජු සංස්ථාව උදා­හ­ර­ණ­යට ගන්නවා. පෞද්ග­ලික ප්‍රාග්ධ­න­යෙන් යැපෙන විශ්ලේ­ෂ­ක­යන් රජය ව්‍යාපාර නොකළ යුතුයි කියන අති­ශය සාවද්‍ය සාහ­සික බොරුව සමා­ජ­ගත කර­නවා” යනුවෙන් නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *