ඩොනල්ඩ් ට්රම්ප් කරන්න යන වර්ජනය
මේ මස අවසානයේදී දකුණු අප්රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වීමට නියමිත G20 සමුළුව වර්ජනය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා.
ට්රම්ප් මේ බව පැවසුවේ එරට රැඳී සිටින සුදු ජාතිකයින් මහා පරිමාණයෙන් පීඩාවට පත්කරන බවට චෝදනා කරමිනී.
ලෝකයේ දැවැන්තම ආර්ථිකයන් හි නායකයින් සහභාගි වන මෙවන් දැවැන්ත සමුලුවක් දකුණු අප්රිකාවේ පැවැත්වීම සම්බන්ධවත් ඔහු සිය බලවත් විරෝධය පලකර තිබෙනවා.
කෙසේ නමුත් දකුණු අප්රිකානු විදෙස් කටයුතු අමාත්යංශය පවසන්නේ මෙම තීරණය පසුතැවිලි විය හැකි ස්වරූපයේ තීරණයක් බවයි.
එරට විපක්ෂය නියෝජනය කරන සුදු ජාතික හෝ අප්රිකානු කිසිදු දේශපාලන පක්ෂයක් දකුණු අප්රිකාව තුළ
මෙවන් ජන සංහාරයක් සිදුවන බවට එල්ලවන චෝදනා පිළිගන්නේ නැත.
කෙසේ වෙතත් මෙම මතයේ දැඩිව එල්බ සිටින ට්රම්ප්, පසුගිය දිනක ධවල මන්දිරයට පැමිණි දකුණු අප්රිකානු ජනාධිපති සිරිල් රමපෝසා ඉලක්ක කර දැඩි වාග් ප්රහාරයක් පවා එල්ල කළා.
එහෙත් දකුණු අප්රිකානු රජය අවධාරණය කරන්නේ තමන් මෙම මතය කිසිසේත් පිළිනොගන්න බවයි.

