free web stats

ප්‍රදේශ කිහිපයක වායු දූෂණය ඉහළට

මෙරට ප්‍රදේශ කිහිපයක වායු තත්ත්වය දර්ශක අගයන් ඉහළ මට්ටමකට පැමිණ ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

විශේෂයෙන් උතුර, උතුරු නැගෙනහිර ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශක අගය ඒකක 150 දක්වා නොඑසේ නම් තරමක් අහිතකර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අධ්‍යක්ෂ, මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා කියා සිටියා .

අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන අතර, මීට සති දෙකකට පෙර පැවති වායුගෝලයේ කැලඹිලි ස්වභාවය සමග උතුරු දෙසින් රට තුළට වායු දූෂකකාරක ඇතුළු වී ඇතැයි ද අජිත් ගුණවර්ධන මහතා පැවසූවා.

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මේ පිළිබඳ තොරතුරු ලබාගැනීමේ හැකියාව මේ වනවිට ලංකාව සතුව තිබෙන බවත්, යාපනය, කිළිනොච්චිය හා මන්නාරම යන ප්‍රදේශවල දර්ශක අගය 150 – 200 දක්වා ඉහළ ගොස් තිබූ බව ද ඒ මහතා සඳහන් කළා.

මෙම තත්ත්වය ඉදිරියේ දී පහව යනු ඇතැයි පුරෝකථනය කළ හැකි බව ද පැවසු අජිත් ගුණවර්ධන මහතා, ශ්වසන ආබාධ ඇති අයට මෙම තත්ත්වය තුළ හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකි බවත් ඔවුන් එවැනි අවස්ථාවලදී වහාම වෛද්‍යවරයෙකු මුණගැසිය යුතු බවත් පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *