free web stats

ලබන වසරේ පාසල් විභාග ගැන නිවේදයක්

එළැඹෙන 2026 වසර තුළදී පාසල් විභාග පැවැත්වෙන දින සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, 2025 වසරට අදාළව පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන වසරේ පෙබරවාරී 17වැනිදා – පෙබරවාරි 26වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

තවද, 2026 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය එළැඹෙන වසරේ අගෝස්තු 09වැනිදා දිනයේදී ද, උසස් පෙළ විභාගය 2026 වසරේ අගෝස්තු 10වැනිදා – සැප්තැම්බර් 05වැනිදා දක්වාත් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම 2027 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට පළමුවරට පෙනී සිටින සිසුන් සඳහා නියමිත සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2026 ඔක්තෝබර් 24වැනිදා පැවැත්වීමට නියමිතයි.

2026 සාමාන්‍ය පෙළ විභාගය 2026 දෙසැම්බර් 08 – දෙසැම්බර් 17වැනිදා දක්වාත් පැවැත්වීමටද නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *