free web stats

ජනාධිපති නීතිඥවරු හතරදෙනෙක් දිවුරුම් දෙයි

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරු වශයෙන් මෑතකදී උසස්වම් ලද සිව්දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් වශයෙන් දිවුරුම් දී තිබෙනවා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසෙන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම දිවුරුම් දීම සිදුවි ඇත.

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් වන සුදර්ශන ද සිල්වා, අසාද් නවාවි, හිරන්ජන් පීරිස් හා ලක්මාලි කරුණානායක යන මහත්ම මහත්මීන් මෙසේ දිවුරුම් දුන්නා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම අතිරේක සොලිසිටර් ජනරාල්වරු සිව්දෙනා ඉකුත්දා ජනාධිපති නීතීඥ ධූරයට නම් කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *