free web stats

මත්ද්‍රව්‍ය සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු සජබ මන්ත්‍රීට වෙච්ච දේ

මත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගත් පන්නල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය හිටපු මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය X ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙනම පරීක්ෂණයක් ආරම්භ කිරීමට ද පක්ෂය කටයුතු කර ඇති බව විපක්ෂනායකවරයාගේ X ගිණුමේ වැඩිදුරටත් සඳහන් වේ.

දකුණු මුහුදු තීරයේ දී ඊයේ (20) මත්ද්‍රව්‍ය සමග ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමේ සිද්ධියට අදාළව එක් අයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ, පන්නල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය හිටපු මන්ත්‍රීවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6දෙනා අද පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා.

ආරක්ෂක අංශ වෙත ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම ධීවර යාත්‍රාව සොයාගනු ලැබුවා.

අදාළ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය පාර්සල් 15ක් තිබී හමු වූ අතර, එහි හෙරොයින් කිලෝ 300ක්, අයිස් කිලෝ 100ක් මෙන්ම ගිනිඅවි 02ක් ද තිබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *