ඒෂාන් මාලිංගට විස්සයි20 වරම්
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරග වරම් දිනා ගැනීමට වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංග සමත් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි20 තරග වරම් හිමිකරගත් 111 වැනි ක්‍රීඩා වූ 24 හැවිරිදි ඒෂාන් විස්සයි20 තරග 31කට ක්‍රීඩා කරමින් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 44කි. අයිපීඑල් තරග 7කදී කඩුලු 13ක් බිඳ හෙළා ඇති ඔහු, එල්පීඑල් එක් තරගයකට සහ දකුණු අප්‍රිකා විස්සයි20 තරග 3කට ද ක්‍රීඩා කර ඇත. ඔහු සිය පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයේ මංගල ඕවරයේදීම බ්‍රෙන්ඩන් ටේලර් දවාගනිමින් පළමු කඩුල්ල සටහන් කළා.
මේ තරගයේදී වසර දෙකහමාරකට පසු දසුන් ශානක යළිත් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ගෙන කටයුතු කළ අතර, මාස 10කට පසු භානුක රාජපක්ෂ යළි කැඳවා තිබුණා.
ඔහු අවසන් වරට මේ වසරේ ජනවාරි මස නවසීලන්තයට එරෙහිව විස්සයි20 තරගයකට එක් විය. ආබාධයක් හේතුවෙන් පාකිස්තානයට එරෙහි අවසන් එක්දින තරගය අහිමිවූ වනිඳු හසරංග ද මේ තරගයට එක්ව සිටියා.

