free web stats

දීප ව්‍යාප්ත වැඩිහිටි නිවාස සමීක්ෂණයක්

දීප ව්‍යාප්ත වැඩිහිටි නිවාස සමීක්ෂණයක්, ලබන 15 වැනිදා සිදුකරන බව, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසනවා.

ඒ, ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස සම්බන්ධයෙන් අඛණ්ඩව තොරතුරු ලැබීමත් සමඟයි.

එම සමීක්ෂණයේදී වැඩිහිටි නිවාසවල සිටින, වයස අවුරුදු 50ට අඩු ආබාධ සහිත පුද්ගලයින් වෙනත් ස්ථානවල රැඳවිය හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන බව, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිඳු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *