free web stats

කඩුගන්නාවේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටෙයි

මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

සුන් බුන් අතර සිරවී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මේ වනවිට මුදාගෙන මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල පිහිටි වෙළඳසැලක් මතට අද (22) උදෑසන මෙම පස් කඳු කඩා වැටීම සිදුව තිබුණා.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වී ඇත.

මෙම අනතුරින් එම වෙළඳසැලෙහි සිටි කිහිප දෙනෙකු සුන්බුන් තුළ සිරවී සිටින බවට වාර්තා වෙයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් මුදා ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම වෙළෙඳසැල කෙටි ආහාර සහ තේ පානය සඳහා බොහෝ පිරිසක් පැමිණෙන ස්ථානයක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *