free web stats

රියැදුරු බලපත්‍ර මුද්‍රණය පෙබරවාරී වන විට අවසන් කෙරේ

නිකුත් කිරීමට පවතින සියලු රියැදුරු බලපත්‍ර, ලබන පෙබරවාරී මාසය වන විට මුද්‍රණය කර අවසන් කරන බව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සදහන් කළේ, ඉන් අනතුරුව සාමාන්‍ය පරිදි දෛනිකව රියදුරු බලපත්‍ර නිකුත් කරන බවයි.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම නතර කර තිබුණේ, ඒවා මුද්‍රණය කරන කාඩ් නොමැති වීම හේතුවෙනී.

ඒ වෙනුවට තාවකාලික රියැදුරු බලපත්‍රයක් නිකුත් කෙරුණ අතර මුද්‍රණය කිරීමට පවතින රියදුරු බලපත්‍ර සංඛ්‍යාව, තුන්ලක්ෂ පනස් දහසකට ආසන්නවේ.

ස්ථාන තුනකදී රියදුරු බලපත්‍ර මුද්‍රණය සිදු කරන බව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළා.

ඒ, වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මධ්‍යස්ථානය, හම්බන්තොට සහ අනුරාධපුර පිහිටි අතිරේක මධස්ථාන වලදීයී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *