ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ඉල්ලා අස්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉස්මයිල් මුත්තු මොහොමඩ් මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබෙනවා.
පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව පැවසූවා.
පක්ෂයේ තීන්දුව අනුව පක්ෂ නායකත්වය පාවා නොදී තමා මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් ඉස්මයිල් මුත්තු මොහොමඩ් මහතා සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

