free web stats

ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි

පවතින වැසි තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් මේ වනවිට වාන් දමමින් තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, රාජාංගනය, නාච්චිදූව සහ අංගමුව යන ජලාශවල වාන්දොරටු විවෘතව ඇති බව වාර්තා වේ.

පොළොන්නරුව මොරගහකන්ද ජලාශයේ වාන්දොරටු පහෙන් එකක් ඊයේ රාත්‍රීයේ විවෘත කෙරුණා.

ඉන් තත්පරයට ඝන අඩි 1500ක ජල ධාරිතාවක් අඹන්ගඟට මුදාහැරෙන බව සඳහන්.

මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගල්ල, වික්ටෝරියා, රන්දෙනිගල සහ රන්ටැඹේ යන ජලාශ ද වාන් දමමින් පවතියි.

අම්පාර, කොණ්ඩුවටුවාන වැව වාන් දැමීම නිසා අම්පාර – ඉඟිණියාගල මාර්ගය ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *