free web stats

මහවැලි ගඟ මනම්පිටියෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමක

අධික වර්ෂාවත් සමග මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතිනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආපදා කළමණාකරන ඒකකයේ අධ්‍යක්ෂ එල්. එස් සූරියබණ්ඩාර සඳහන් කළේ, මහවැලි ගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාව මේ වන විට අවම වී ඇති බවයි.

යාන් ඔය ජල මට්ටම හොරොව්පතාන ප්‍රදේශයෙන් අවධානම් මට්ටමට පැමිණ තිබෙනවා.

මල්වතු ඔය තන්තිරිමලය ප්‍රදේශයෙන් පවතින්නේ ද අවධානම් මට්ටමකයි.

පවතින වර්ෂාවත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 32ක වාන් දොරටු මේ වනවිට විවෘත ක‍ර තිබෙනවා.

මේ අතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසකට නිකුත් කළ නායයෑමේ රතු නිවේදනය තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර සඳහන් කළා.

තවත් දිස්ත්‍රික්ක කිහිපයකට අවාදානයෙන් සිටීමේ නිවේදනයක් නිකුත් කර ඇතැයිද ඔහු සඳහන් කළා.

මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු , උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලටත් පැයට කිලෝමීටර් 40ක් දක්වා තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, නැගෙනහිර , ඌව සහ මධ්‍යම පළාත්වලටත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තද තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙරිල් මෙණ්ඩිස් පැවසුවේ, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අනිද්දා(22) දක්වා අපේක්ෂා කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *