free web stats

ඉදිරියේ දී ආහාර හිඟයක් ඇති වීමට ඉඩ තියන්නේ නෑ

ඉදිරියේ දී රට තුළ කිසිසේත් ආහාර හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

ඔහු පවසන්නේ ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් කෘෂිකර්මාන්තයට සිදුවු හානි යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගොවී ජනතාව මෙන්ම නිලධාරීන් ද කටයුතු කරමින් සිටින බවයි.

“සමහර අය සතුටින් බලාගෙන ඉන්නවා ඉදිරියේදී ආහාර හිඟයක් තියෙනවා. හාල් හිඟයක් තියෙනවා. අපි ඒ අයට ප්‍රකාශ කරන්න කැමතියි කාලකන්නි සතුට ඔබට භුක්ති විඳින්න අපි කිසි ඉඩක් තබන්නේ නැත. හාල් හිඟයක් එන්න විදිහක් නැත. මම යනවා කොබෙයිගනේ ඇතුළේ ගම්මානවලට. එතන හිටියා තුන්සීයක විතර ජනතාවක්. ඒ ජනතාව කෑගහලා කිව්වා ඊයේ හවස තමයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කිව්වේ අද අපිට විසි පන්දාහ හම්බුනා කිව්වා.”

“මම පෙරේදා හිටියේ රාජාංගනයේ. එක ගොවියෙක් කිව්වා. මට දෙලක්ෂ හැත්ත තුන් දහසක් හම්බවුණා කිව්වා. මගේ කුඹුර පැහුණා නම්, මට වී විකුණලා දෙලක්ෂ හැත්ත තුන්දාහක ලාභයක් ගැන හිතන්නවත් බැහැ කිව්වා. ඊට වැඩි මුදලක් මට හම්බෙලා තියෙනවා කිව්වා. ඊළඟ ඒගොල්ලන්ට හිතාගන්න බැරි වන්දි ගොඩක් හම්බෙනවා නේ.”

“ගේ ගහගෙන ගියා නම්, එයාට වෙනම ගෙට සල්ලි. එයාගේ කුඹුරට හානි වුණා නම් ඒකට වෙනම සල්ලි. එයාගේ එළවළු කොටුවට හානි වෙනවා නම් ඒකට වෙනම සල්ලි. එයාගේ කුකුල් කොටුවට හානි වුණා නම් ඒකට වෙනම සල්ලි. එයාගේ හරක් ගාලට හානි වුණා නම් ඒකට වෙනම සල්ලි. එයාට පොඩි කඩයක් තිබුණා නම් ඒකට හානි වුණා නම් ඒකට සල්ලි. එයා කොහු කර්මාන්තයක් හරි මොනවා හරි පොඩි කර්මාන්තයක් කෙරුවා නම් ඒකටත් සල්ලි.”

“දැන් එක ම එක්කෙනාට හානි ගොඩක් වෙනකොට ඒ හැම එකකටම සල්ලි හම්බෙනවා. එතකොට ඒ හම්බෙන්නෙත් පට්ට ගණන්නේ හම්බෙන්නේ. විපක්ෂය බලාපොරොත්තු වුනේ ඕකේ අනිත් පැත්තනේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *