free web stats

නයිජීරියාවේ IS ත්‍රස්ත ඉලක්ක සොයා අමෙරිකාවෙන් ප්‍රහාරයක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) කණ්ඩායමට එරෙහිව අමෙරිකාව විසින් ‘දැවැන්ත හා මාරාන්තික’ ගුවන් ප්‍රහාරයක් දියත් කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සිය ‘Truth Social’ හි සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, නයිජීරියවේ වෙසෙන අහිංසක කිතුනුවන් ඉලක්ක කර IS ත්‍රස්තයන් සිදුකරන කුරිරු ඝාතනයන්ට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය දියත් කළ බවයි.

“කිතුනුවන් ඝාතනය කිරීම නතර නොකළහොත්, වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි මම මීට පෙර මෙම ත්‍රස්තවාදීන්ට අනතුරු ඇඟවූවා. අද රාත්‍රියේත් එය එසේම විය” ට්‍රම්ප් එලෙස පවසයි.

කෙසේ නමුත් ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඔහු ඉදිරිපත්කර නොමැති අතර, අමෙරිකානු හමුදාව ‘දැවැන්ත ප්‍රහාරයන් රැසක් සිදුකළ’ බව පමණක් තහවුරු කර ඇත.

එමෙන්ම සිය නායකත්වය යටතේ රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදයට සමෘද්ධිමත්වීමට ඉඩ නොදෙන බවත් ඔහු එහි දක්වා තිබේ.

මේ අතර අමෙරිකාවේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසා ඇත්තේ, මෙම ප්‍රහාරයට නයිජීරියානු රජයේ සහයෝගය ලැබුණු බවයි.

කෙසේ නමුත් මෙම ප්‍රහාරය පිළිබඳ නයිජීරියානු රජය නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

බොකෝ හරාම් සහ ඉස්ලාමීය රාජ්‍ය දශකයකට වැඩි කාලයක සිට ඊසානදිග නයිජීරියාවේ දහස් ගණනක් මිනිසුන් ඝාතනය කර ඇති බව සඳහන්.

අමෙරිකාව පසුගිය සතියේ සිරියාවේද ක්‍රියාත්මක IS ත්‍රස්තයන් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් දියත් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *