free web stats

අල්ලස් චෝදනා මත උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

කින්නියා පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කින්නියා ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පැමිණිලිකරුට පහරදීමක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නීතිමය කටයුතු කිරීමට අල්ලස් ලෙස රු 10,000ක මුදලක් ඉල්ලා එම මුදල වෙනත් අයෙකු මාර්ගයෙන් ලබාගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත.

කින්නියා පොලිස් ස්ථානය තුළදීම ඊයේ (31) සවස 5.20ට පමණ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් උප පොලිස් පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *