රන් භාණ්ඩ උකස් ණය හා වාහන ණය රෙගුලාසි දැඩි කෙරේ
රන් භාණ්ඩ ඇපයට තබා ගන්නා උකස් ණය සහ වාහන සඳහා ලබාදෙන ණයවලට අදාළ රෙගුලාසි අද (25) සිට දැඩි කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව රන් භාණ්ඩ ඇපයට තබා ලබා ගත හැකි උපරිම ණය සීමාව, එහි වටිනාකමෙන් 70% කී.
නව රෙගුලාසිවලට අනුව වාහනයක් මිලදී ගැනීමේදී ලබා ගත හැකි උපරිම ණය සීමාව, 10% කින් අඩුකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළා.
ඒ අනූව වාණිජ වාහන සඳහා ලබාදෙන ණය ප්‍රතිශතය, වටිනාකමෙන් 60% ක් වේ.
පෞද්ගලික වාහන සදහා වටිනාකමින් 40%ක ණය මුදලක් ලබාදෙයි.
මෙතෙක් වාණිජ වාහනයක් සඳහා වටිනාකමින් 70%ක්ද, පෞද්ගලික වාහනයක් සඳහා වටිනාකමින් 50% ක් ද, ලබා දුන්නා.
එම නව නීති, අද (25) සිට සහ, අදින් පසු අලුත් කරන පෙර ලබාගත් ණය සඳහා ද, ක්‍රියාත්මකවේ.
එලෙස නව නීති හඳුන්වා දී ඇත්තේ, බැංකු සහ මූල්‍ය සමාගම් මඟින් වඩාත් සැළකිලිමත්ව ණය ලබාදීම දිරිමත් කිරීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් බව සදහන්.

