free web stats

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුල ගැටලුව ගැන CID විමර්ශන ඇරඹෙයි

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයකට, නුසුදුසු වෙබ් අඩවියක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව පැවසුවේ, අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අමාත්‍යංශයට පැමිණ, එම පරික්ෂණ ආරම්භ කළ බවයි.

ඒ අනුව 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයේ ඇති නුසුදුසු වෙබ් අඩවිය පැවති කොටස ඉවත් කර, සිසුන් වෙත බෙදා හැරිමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවා.

මේ අතර, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ, තාවකාලිකව සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට සහය දැක්වීම සඳහායි.

මේ අතර, 2026 වසරට අදාළව පාසල් පෙළ පොත් බෙදා හැරීම ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ, කලාප මට්ටමින් මේ වන විට බෙදා හැරිම් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව සියලුම පෙළපොත් පරික්ෂා කිරීමෙන් අනතුරුව බෙදා හැරීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *